උර්ෆා

සිංහල විශ්වකෝෂය වෙතින්
12:02, 13 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('තුර්කියේ ගිනිකොන දිග සිරියානු දේශසීමාවට සැතප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

තුර්කියේ ගිනිකොන දිග සිරියානු දේශසීමාවට සැතපුම් 30ක් පමණ දුරින් පිහිටි නගරයකි. උර්ෆා නගරය පිහිටි පළාත ද එනමි. නගරයෙහි පැරණි නම එදෙසාය. මෙම නගරය නිම්රුඩ් විසින් ඉදිකරන ලද බවක් ජනප්‍රවාදයෙහි පැවසෙයි. තුර්කිය අවට රාජ්‍ය පාලකයන් උර්ෆා නගරය වරින් වර අත්පත් කරගත් අයුරු ඉතිහාසයෙහි සඳහන් වෙයි. ක්‍රි.ව. 639 දී අරාබීන් අතට පත් වූ උර්ෆා නගරය මඳක් පිරිහිණ. පළමුවැනි කුරුස යුද්ධය සමයේ දී උර්ෆා නගරය අල්ලාගත් බෝල්ඩ්වින් රජ එය ජෙරුසලම් රාජ්‍යයට යටත් දේශයක් බවට පත් කෙළේය. දෙවැනි කුරුස යුද්ධය කාලයේ දී මෙනුවර මුස්ලිම්වරුන් අතට පත් විය. එදෙසා නගරයට උර්ෆා යන නාමය යොදන ලද්දේ 1639 දී තුර්කීන් මෙම නගරය අල්ලා ගත් පසුවය.

වර්තමාන උර්ෆා නගරය වෙළඳ නගරයක් වශයෙන් වැදගත්ය. කපු හා පට පිළී විවීම, රන්රිදී බඩු තැනීම හා මොරොක්කෝ සම් වැඩ උර්ෆාහි දියුණු ගෘහ කර්මාන්ත වේ.

නගරයේ ජනගහනය (1960) 59,863කි. උර්ෆා පළාතේ ජනග්‍රහනය (1960) 401,919කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උර්ෆා&oldid=10655" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි