ඌවේ බණ්ඩාර
සිංහල විශ්වකෝෂය වෙතින්
11:48, 30 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අලුත්නුවර දෙවි (බ.) හෙවත් අලුත්නුවර දේවතා බණ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
අලුත්නුවර දෙවි (බ.) හෙවත් අලුත්නුවර දේවතා බණ්ඩාර දෙවියෝ හෙවත් දැඩිමුණ්ඩ නමින් හඳුන්වනු ලබන දෙවියාට භාවිතා කරනු ලබන තවත් නමකි. මේ දෙවියා ඌවේ බණ්ඩාර නමින් ඌව ප්‍රදේශවාසීහු හඳුන්වති.
සොළීන් විසින් ලංකාව පාලනය කරනු ලැබූ අවදියේ දී ඔවුන්ගෙන් පැහැරගනු ලැබූ පළාත්වල ආරක්ෂකයා සහ අණදෙන නිලධාරියා ලෙස යොදනු ලැබූ දැඩිමුණ්ඩ දෙවි ඌවේ පදිංචිව සිට එහි පාලනය ගෙන ගියේය. එහෙයින් ම ඔහු ඌවේ බණ්ඩාර යන ගරු නාමයකින් හැඳින්වූ බව සාමාන්‍ය විශ්වාසය වේ. එකල ඔහුගේ ස්ථිර පදිංචිය වූයේ ඌවේ උඩුකිඳය. අද ද එහි ඌවේ බණ්ඩාරගේ බලය උසස් කොට සැලැකේ. මොහු විසූහයි සැලකෙන ස්ථානයක් නුවරඑළිය අසල හග්ගල කන්දේ ද ඇතැයි විශ්වාස කරත්. ඌවේ බණ්ඩාර වෙනුවෙන් ඉදි කරනු ලැබූ දේවාල මාදෝවිට, විදුරුපොළ, කොටවෙර, කිරිවානාගම හා බලගල ද ඇත.
(සංස්කරණය: 1974)