ඌෂා

සිංහල විශ්වකෝෂය වෙතින්
14:05, 30 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බාණ නම් අසුර රජුගේ දුවයි. දිනක් නිද්‍රෝපගතව සිටි ඕතොමෝ රූමත් කුමරකු සිහිනෙන් දැක එබඳු ශෝභාසම්පන්න කිසිවෙක් ඇද්දැයි සෙවීමෙහි යුහුසුලු වූවාය. ඇයගේ යෙහෙළිය වූ චිත්‍රලේඛා තොමෝ දෙවිවරුන්ගේ ද රජවරුන්ගේ ද කුමාරවරුන්ගේ ද රූ සටහන් වස්ත්‍රයක සිතුවම් කර ඇයට පෙන්නුවාය. ඔවුනතුරෙන් කෘෂ්ණගේ මුනුබුරු වූ ද ප්‍රද්‍යුම්නගේ පුත්‍ර වූ ද අනිරුද්ධ කෙරෙහි ඌෂාගේ සිත ඇදී ගිය බැවින් චිත්‍රලේඛා තොමෝ ඇගේ ගුප්ත බලයෙන් ඔහු ගෙන්වා දුන්නාය. අනිරුද්ධ කුමරු තම මාළිගයෙහි සිටින බව දැනගත් බාණ ඔහු මැරීමට තැත් කළ නමුත් එය සඵල නොවීය. අන්තිමේ දී බාණ තෙමේ අනිරුද්ධ අල්වා සිර කර තැබීය. මේ බව දැනගත් කෘෂ්ණත්, ප්‍රද්‍යුම්න හා බලරාමත් යුද්ධ සේනාවක් සමඟ ගොස් බාණගේ රාජ්‍යය ආක්‍රමණය කළහ. ශිව ආදි දෙවිවරුන්ගෙන් බාණට ආධාර ලැබුණ නමුත් අන්තිමේ දී සටනින් පරාජය අත් විය. ඉන් පසු අනිරුද්ධ, ඌෂා දෙදෙනා අතර විවාහය සිදු කර කෘෂ්ණ ප්‍රමුඛ පිරිස ඔවුන් ද කැටුව ද්වාරකා නුවරට ගියහ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌෂා&oldid=10701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි