ඌරුහොඬ

සිංහල විශ්වකෝෂය වෙතින්
11:34, 6 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙනමින් හැඳින්වෙන ගස් වර්ග දෙකක් ලංකාවේ දක්න...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මෙනමින් හැඳින්වෙන ගස් වර්ග දෙකක් ලංකාවේ දක්නට ලැබේ. සෙලාස්ට්‍රාසේ (Celastraceae) කුලයට අයත් කුරිමියා සෙලානිකා (Kurrimia zeylanica Arn.) හා ඉකාසිනාසේ (Icacinaceae) කුලයට අයත් උරන්ද්‍රා අපිකාලිස් (ලසියන්තෙරා අපිකාලිස්) [Urandra apicalis Thw. (Lasianthera apicalis)] මේ ගස් දෙක වේ.

කුරිමියා සෙලානිකා ගස ඇත්හෙරලිය හා ඇටහෙරලිය (බ.) නමින් ද හැඳින්වේ. උරන්ද්‍රා අපිකාලිස් පිරමිඩයක හැඩයෙන් අඩි 80ක් පමණ උසට වැඩෙන අලංකාර ගසකි. එහි අතු පහළට නමා වැටී කඳ සඟවයි. පට්ටය සිනිඳුය, අළුපාටය. අඟල් 6ක් පමණ දිග කොළය ඉතා ඝනය, ආයතය. ළපටි කොළ තඹපාටය. මල් ඉතා කුඩාය; දම් පාටට හුරු කොළ පාටය. මල් 6 සිට 12 දක්වා එක් ශීර්ෂයක දක්නට ලැබේ. ඵලය අෂ්ටිලයකි; අඟල් 1½පමණ දිගය.

ලංකාවේ නිරිත දිග ප්‍රදේශවල හා ඉන්දියාව, බුරුමය යන ප්‍රදේශවලත් මේ ගස වැවේ. ඉතා තුනී ලෑලි ඉරීම සඳහා මෙහි ලීය යොදනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌරුහොඬ&oldid=10721" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි