ඌලාන් ඌඩේ

සිංහල විශ්වකෝෂය වෙතින්
13:42, 6 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Ulan Ude). අතීතයේ දී ව්‍යෙර්ක්න්‍යෙ ඌඩ්යින්ස්ක් නම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Ulan Ude). අතීතයේ දී ව්‍යෙර්ක්න්‍යෙ ඌඩ්යින්ස්ක් නමින් හැඳින්වුණු මේ නගරයට 1936 පටන් ඌලාන් ඌඩේ යන නම ව්‍යවහාර වෙයි. මෙය දැනට බුර්යාට්-මොංගෝලියානු සෝවියට් සමාජවාදී ස්වාධීන සමූහාණ්ඩුවේ අගනුවරය. ඉර්කුට්ස්ක් නුවර සිට බයිකල් විල හරහා සැතපුම් 140ක් පමණ දුරින් ඌඩා නදිය දෙපස ද සෙලෙංගා නදියේ එක් ඉවුරක් ද ආශ්‍රිතව මේ නගරය පිහිටා ඇත. ඌඩා, සෙ‍ෙලංගා යන ගංගා දෙක එක් වන්නේ ද මේ නගරයේ දීය. මෙහි සිට බයිකල් විල සමඟ ද දකුණු දෙස මොංගෝලයාව සමඟ ද දුම් නැව් මගින් ගනුදෙනු කරනු ලැබේ. ක්‍රි.ව. 1905 දී ට්‍රාන්ස්-සයිබීරියන් දුම්රිය මාර්ගයේ සන්ධිස්ථානයක් වීමෙන් පසු නගරය ශීඝ්‍රාකාරයෙන් දියුණු විය.

දැනට මෙහි පිහිටුවා තිබෙන ජල විදුලි මධ්‍යස්ථානය මගින් කර්මාන්තශාලා බොහෝ ගණනකට විදුලි බලය සපයනු ලැබේ. දුම්රිය එන්ජිම් හා මෝටර් රථ අලුත්වැඩියා කරන කම්හල් කීපයක් ද සම්භාණ්ඩ, වීදුරු හා රෙදි නිපදවන කර්මාන්තශාලා ආදිය ද මෙහි ඇත. මෙහි ජනගහනය (1959) 175,172කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඌලාන්_ඌඩේ&oldid=10730" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි