ඌලාන් බාතෝර්
සිංහල විශ්වකෝෂය වෙතින්
10:39, 7 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මොංගෝලියානු මහජන සමූහාණ්ඩුවේ අගනුවරයි. මුල ද...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
මොංගෝලියානු මහජන සමූහාණ්ඩුවේ අගනුවරයි. මුල දී ඌර්ගා නමින් හැඳින්වුණු මේ නගරයට චීන බසින් කුලුන් යන නම ව්‍යවහාර වේ. මෙනුවර ගෝබි කාන්තාරයට උතුරින් තෝලා ගඟබඩ පිහිටා ඇත. අතීතයේ දී චීනයේ පීකිං නුවර සිට මධ්‍ය ආසියාතික ප්‍රදේශ දක්වා පැවති තවලම් මාර්ගය හා වෙළඳ මධ්‍යස්ථානයක් ද වූ මේ නගරය දැනට පීකිංහි සිට සෝවියට් රුසියාවේ ක්‍යාක්තා දක්වා ඇති දුම්රිය මාර්ගයේ හා මහාමාර්ගයේ සන්ධියකි. ඌලාන් බාතෝර් බෞද්ධ ලාමාවරුන්ගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයක් ද වේ. ලොම් හා සම් කර්මාන්තය මෙහි ඉතා දියුණුය. නගරයේ ජනගහනය (1966) 250,000කි.
(සංස්කරණය: 1974)