ඐ
සිංහල විශ්වකෝෂය වෙතින්
12:54, 7 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඐ යනු හුදෙක් ඐ වර්ණයට ද දීර්ඝයක් තිබිය යුතුය ය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ඐ යනු හුදෙක් ඐ වර්ණයට ද දීර්ඝයක් තිබිය යුතුය යන අදහසින් පසු කාලයෙහි නිර්මාණය කරගන්නා ලද ශබ්ද රූපයකි. පශ්චාත්කාලීන නිඝණ්ඩුකාරයන් ඐ වර්ණයට දී ඇති කෘත්‍රිම අර්ථ කිහිපය හැරුණු විට එය යෙදුණු අන් තැනක් සංස්කෘත භාෂාවෙහි දක්නට නොලැබේ. සිංහල භාෂාවෙහි එය මුළුමනින් ම අප්‍රකට වුව ද වදන් කව් පොතෙහි (8) 'ඐමහීපති' යන අඥාතාර්ථවාචී වචනය ඊට නිදසුන් වශයෙන් දී ඇත.
(සංස්කරණය: 1974)