එක්සටර් (1)

සිංහල විශ්වකෝෂය වෙතින්
12:35, 16 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('එංගලන්තයේ පාර්ලිමේන්තු කොට්ඨාසයක්, කවුන්ටි ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

එංගලන්තයේ පාර්ලිමේන්තු කොට්ඨාසයක්, කවුන්ටි ප්‍රදේශයක් හා ඩෙවන්ෂයර් කෝරළයේ කවුන්ටි සභා නගරයක් ද මෙනමින් හැඳින්වේ. අක්කර 9035ක් විශාල එක්සටර් එක්ස් ගඟේ පහළ නිම්නයෙහි පිහිටි කවුන්ටි ප්‍රදේශයකි. රාජකීය සන්නසකින් එක්සටර් ප්‍රදේශය ප්‍රථම වරට කවුන්ටි ප්‍රදේශයක් බවට පමුණුවන ලද්දේ 1537 දීය. පළමුවැනි එලිසබත් රාජිනී සමයේ ලෝම රෙදිපිළී නිෂ්පාදනය සම්බන්ධයෙන් එක්සටර් ප්‍රදේශය දෙවැනි වූයේ ලීඩ්ස් ප්‍රදේශයට පමණි.

ලන්ඩනයට සැතැපුම් 168ක් නිරිත දිගින් හා ප්ලිමත් නගරයට සැතැපුම් 37ක් ඊසානින් එක්ස් ගඟබඩ එක්සටර් කවුන්ටි ප්‍රදේශයේ ප්‍රධාන නගරය වූ එක්සටර් නගරය පිහිටියේය. නිරිතදිග එංගලන්තයේ ප්‍රධාන දුම්රිය මධ්‍යස්ථානයක් වන මේ නගරය අභ්‍යන්තර නැව්තොටක් වශයෙන් ද වැදගත්ය. මේ නගරයෙහි කඩදාසි හා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය ප්‍රමුඛ විවිධ කර්මාන්ත දියුණුව ඇත. එක්සටර් නැව්තොටට නැව් ඇතුළු වන්නේ එහි සිට එක්ස් ගංගාවේ උදම් මෝය දක්වා කපා ඇති ඇළ මගිනි. අභ්‍යන්තර නගරයක් නැව්තොටක් කරනු වස් එංගලන්තයේ සාදන ලද ප්‍රථම නාවික ඇළ මෙයයි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එක්සටර්_(1)&oldid=10762" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි