ඇපොලොදෝරස් (1)
සිංහල විශ්වකෝෂය වෙතින්
15:04, 17 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ක්‍රි.පූ. 430-400 පමණේ දී ප්‍රසිද්ධියට පත් ග්‍රීක ච...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ක්‍රි.පූ. 430-400 පමණේ දී ප්‍රසිද්ධියට පත් ග්‍රීක චිත්‍රශිල්පියෙකි. ශ්‍යාමෝජ්වල භේදය ක්‍රමවත් ලෙස ඉදිරිපත් කළ මෙතෙමේ පුරෝගාමී චිත්‍රශිල්පියකු ලෙස හඳුන්වනු ලැබේ. බිත්තිය වෙනුවට චිත්‍ර පීඨිකාවක් (easel) උපයෝගී කොටගෙන චිත්‍ර ඇඳීමේ ක්‍රමය ආරම්භ කළ තැනැත්තා ද මොහු ලෙස සලකනු ලැබේ.
(සංස්කරණය: 1967)