එගාදි
සිංහල විශ්වකෝෂය වෙතින්
09:59, 19 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මධ්‍යධරණී මුහුදේ සිසිලියේ බටහිර වෙරළට ඔබ්බෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
මධ්‍යධරණී මුහුදේ සිසිලියේ බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි දූපත් පන්තියකි. මෙය ෆාවිඤ්ඤානා, ලෙවාන්ත්සෝ සහ මාරෙට්ටිමෝ නමින් යුත් ප්‍රධාන දූපත් තුනකින් ද ජනශූන්‍ය කොදිව් කීපයෙකින් ද යුක්ත වෙයි. සිසිලියේ වැදගත් ම ධීවර ප්‍රදේශය වූ මේ දූපත්වල ප්‍රමාණය ව.සැ. 141/2කි. ජනගහනය (1950) 6196කි. පළමු පියුනික් යුද්ධයේ දී (ක්‍රි.පූ. 241) රෝමවරුන් කාතේජීනියානු නැව් හමුදාව විනාශ කළේ මේ අසල දීය.
(සංස්කරණය: 1974)