ඇබර්ඩීන් ඇල්ල

සිංහල විශ්වකෝෂය වෙතින්
09:12, 25 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔයේ දිය ඇල්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔයේ දිය ඇල්ලකි. වටවල දුම්රිය පොළේ සිට සැතැපුම් දෙකක් නිරිත දිගින් ද නෝටන් පාලමේ සිට ඔය ඔස්සේ සැතැපුම් 3,1/2ක් පමණ ඊශාන දිගින් ද පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 1,950ක් පමණ උසින් පිහිටි මෙහි පෝෂක ප්‍රදේශය ව.සැ. 64ක් නමුදු නෝටන් වේල්ල ඉදි කිරීමෙන් පසුව මීට ලැබෙන ජලය ඉතා අඩු වී ඇත.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇබර්ඩීන්_ඇල්ල&oldid=10997" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි