ඇමන් මන්දිර

සිංහල විශ්වකෝෂය වෙතින්
09:59, 25 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇමන් (බ.) නමැති දෙවියා උදෙසා පුරාණ මිසරය, ග්‍ර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමන් (බ.) නමැති දෙවියා උදෙසා පුරාණ මිසරය, ග්‍රීසිය ආදි රටවල වූ පූජ්‍ය ස්ථාන මෙ නමින් හැඳින්වේ.

ඇමන් මන්දිර සියල්ලක් ම බොහෝ දුරට රූපාකාරයෙන් ද බිම් සැලැස්මෙන් ද ඒකාකාර වේ. ග්‍රීසියේ ලක්සෝර්හි පිහිටි ඇමන් මන්දිරය දිගින් අඩි 623ක් පමණ වන ආයත චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලකි. එහි ප්‍රධාන දොරටුව ඇත්තේ ටැම් රැසකින් සැදුම් ලත් විශාල මණ්ඩපයකය. ඊට යාබදව, ක්‍රමයෙන් කුඩා වී යන අන්තර්ගර්භ රාශියකි. දේවතාරූපය ඇත්තේ අවසාන ගර්භ ගෘහයේ බිත්තිය සමීපයේය. දෙවියන් උදෙසා කරනු ලබන ආහාර පූජා, සළුපිළීවැඩීම් වැනි පුදසිරිත් සඳහා පරිවාර කුටි රාශියක් ගර්භ අවටින් ඇත.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇමන්_මන්දිර&oldid=11001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි