එදිරිමාන්නසූරිය

සිංහල විශ්වකෝෂය වෙතින්
12:09, 27 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(එදිරිමානසිංහ). සොළොස්වන සියවසේ දී සත්කෝරළය පා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(එදිරිමානසිංහ). සොළොස්වන සියවසේ දී සත්කෝරළය පාලනය කළ ප්‍රදේශ රජෙකි. ඔහු ඉරුගල් වංශයට අයත් බව රාජාවලියෙහි පැවැසේ. ඔහු ස්වකීය රාජධානිය කර ගත්තේ සත්කෝරළේ දේවමැද්දේ මුණ්ඩකොණ්ඩපොළ නගරයයි. එකල රාජසිංහ කුමරු සමග අට්ටාපිටියේ දී කළ සටනින් පරාජයට පත් වීදියබණ්ඩාර තම සහචරයනුත් කැටුව සත්කෝරළයට ගොස් එදිරිමාන්නසූරිය රජු හමු වීය. වීදියබණ්ඩාර මෙන් ම එදිරිමාන්නසූරිය ද පෘතුගීසීන්ට පරම සතුරුව සිටි නිසා මේ එක්වීම දෙදෙනාගේ ම ප්‍රීතියට හේතු විය.

නොබෝ කලකට පසු දිනක් රාත්‍රි භෝජනයෙන් පසු මේ මිතුරන් දෙදෙනා හා ඔවුන්ගේ පරිවාර ජනයා අතර ඇති වූ කලහයක ප්‍රතිඵලයක් වශයෙන් කිණිසි පහරක් වැදී එදිරිමාන්නසූරිය මැරී වැටුණු බව සඳහන් වේ. මින් ස්වල්ප කලකට පසු සත් කෝරළේ යටත් කළ රාජසිංහ කුමාරයා විසින් එදිරිමාන්නසූරියගේ මරණය සිදු කළ වේලායුධ ආරච්චි අල්වා උල තබා මරන ලදි. ඇතැම් ග්‍රන්ථවල එදිරිමාන්නසූරිය හඳුන්වා ඇත්තේ එදිරිමානසිංහ නමිනි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එදිරිමාන්නසූරිය&oldid=11027" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි