එමටින්

සිංහල විශ්වකෝෂය වෙතින්
14:41, 9 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Emetine). වමන කාරකයක් වශයෙන් ද කඵෝත්සාරකයක් (expectorant) ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Emetine). වමන කාරකයක් වශයෙන් ද කඵෝත්සාරකයක් (expectorant) වශයෙන් ද ඇමීබා නාශකයක් වශයෙන් ද යොදන ඖෂධයකි. මේ ඖෂධය ඉපිකැක් ශාකයේ (කෙපයිලිස් ඉපිකැකුඇනා - Cephaelis ipecacuanha) මුල්වලින් නිස්සාරණය කරනු ලැබේ. 1817 දී පෙලෙටියේ (Pelletier) විසින් මුලින් ම එමටින් සොයාගන්නා ලදි. එහෙත් ශුද්ධ ද්‍රව්‍යයක් ලෙස ලබාගන්නා ලද්දේ 1895 දීය.

එමටින් අස්ඵටික ඇල්කලොයිඩයකි (බ.). එහි අණුක සූත්‍රය C29H40N2O4 ය. එහි ද්‍රවාංකය සෙ. 74° ය. එමටින් ජලයේ දිය වන්නේ සුළු වශයෙනි. එහෙත් එය ඇල්කොහොල්වල හා ඊතරවල පහසුවෙන් දිය වේ. එමටින් වාමභ්‍රමකය (levorotatory). එයින් බොහෝ ස්ඵටිකරූපී ලවණ සෑදිය හැකිය. එය අයිසොක්විනොලීන් (isoquinoline) වර්ගයට අයත්ය. ඉපිකැකුඇනා බ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එමටින්&oldid=11060" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි