එම්පයර් ස්ටේට් මන්දිරය

සිංහල විශ්වකෝෂය වෙතින්
13:46, 15 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Empire State Building). ලෝකයේ දෙවන උස ම ගොඩනැඟිල්ලය. මෙය පිහි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Empire State Building). ලෝකයේ දෙවන උස ම ගොඩනැඟිල්ලය. මෙය පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝක් නුවර පස්වැනි මාවතෙහිය. 1931 දී සම්පූර්ණයෙන් නිමවන ලද මෙම ගොඩනැඟිල්ල තැනීමට ගත වූයේ දහනම මසක් පමණි. මන්දිරයේ උස අඩි 1,250කි. මෙය මහල් 102කින් යුක්තය. මේ ගොඩනැඟිල්ලේ සැලැස්ම සම්පාදනය කරන ලද්දේ ශ්‍රීව් (Shreve), ලෑම් (Lamb) සහ හාමන් (Harmon) යන ගෘහනිර්මාණ ශිල්පීන් විසිනි. මෙහි 86 වැනි හා 102 වැනි මහල්වල පිහිටි නිරීක්ෂණාගාරවල සිට සැතැපුම් පනහක් පමණ දුරට අවට පෙදෙස් නැරඹිය හැක. 25,000කට පමණ ඉඩකඩ ඇති මෙම ගොඩනැඟිල්ල ලෝකයේ අනෙක් උස ගොඩනැඟිලි මෙන් නොව උඩ ම මහල දක්වා මිනිසුන්ගේ වාසයට සුදුසු පරිද්දෙන් තනා තිබේ. 1950 දී මන්දිරය මුදුනෙහි අඩි 222ක් උස රූපවාහිනී සම්ප්‍රේෂකයක් (television transmitter) සාදවන ලදි. ලොව උස්ම ගොඩනැගිල්ල 1974 දී නිමවුණු නිව්යෝක්හි ව’ල්ඩ් ට්රේඩ් සෙන්ටරය (1348') යි.

(සංස්කරණය: 1974)