එම්ස් (1)
සිංහල විශ්වකෝෂය වෙතින්
16:05, 16 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('වයඹ දිග ජර්මනියේ ගංගාවකි. ටොයිටෝබුර්ගර් වාල්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
වයඹ දිග ජර්මනියේ ගංගාවකි. ටොයිටෝබුර්ගර් වාල්ට් කඳුවැටියේ දක්ෂිණ පාර්ශ්වයෙහි අඩි 358ක උන්නතාංශයකින් පටන් ගන්නා මේ නදිය නිසරු, පහත් බිම් ප්රදේශ ඔස්සේ ගලා ගොස් එම්ඩනය අසලින් උතුරු මුහුදට වැටෙයි. 1892 සහ 1899 අතර කාලය තුළ දී ගංගාවේ ඇතැම් කොටස්වල වාරිමාර්ග කටයුතු සඳහා ඇළවල් බඳින ලදි. මෙය රූර් නදිය හා සම්බන්ධ වනුයේ ඩෝර්ට්මුන්ට්-එම්ස් ඇළෙනි. මේ ඇළත් එම්ස් නදියත් වැඩි හරියක් ම ගලා යන්නේ සරල සමාන්තරවය. එම්ස් ගඟේ පුළුල් මෝය ඩෝලාර්ට් නමින් හැඳින්වේ. එම්ස්ලාන්ට් නමින් හැඳින්වෙන එම්ස් නදියේ පහළ ප්රදේශයෙහි තෙල් හා භූමි වායුව සොයාගෙන තිබේ.
(සංස්කරණය: 1974)