ඇමෝනියස් සක්කාස්

සිංහල විශ්වකෝෂය වෙතින්
16:10, 19 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(160-242). නව ප්ලේටෝනිකවාදයේ ආදිකර්තෘ හැටියට සමහරු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(160-242). නව ප්ලේටෝනිකවාදයේ ආදිකර්තෘ හැටියට සමහරුන් විසින් සලකනු ලබන මෙම ඇලෙක්සැන්ඩ්රියානු දාර්ශනිකයා සුප්‍රසිද්ධ ග්‍රීක දාර්ශනික ප්ලෝටිනස්ගේ ගුරුවරයාය.

උත්පත්තියෙන් ක්‍රිස්තු භක්තිකයකු වූ මෙතෙම පසුව එම භක්තිය අත්හළ බව ප්ලෝටිනස් පවසයි. ඇමෝනියස්ගේ ඉගැන්වීම ප්ලේටෝගේ දර්ශනය මත පදනම්ව ඇතත් ඇරිස්ටෝටල්ගේ සහ ස්ටොයිකයන්ගේ ඉගැන්වීම් ද ඊට මුසු විය.

ආලංකාරිකයකු හා දාර්ශනිකයකු වූ ලෝංජිනස්ගේ ද ගුරු වූ ඇමෝනියස් යටතේ ඔරිගන් (බ.) ද උගත් බව සලකනු ලැබේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇමෝනියස්_සක්කාස්&oldid=11248" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි