එයාර් විල
සිංහල විශ්වකෝෂය වෙතින්
14:22, 22 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඕස්ට්‍රේලියාවේ විශාලතම විල හැටියට සැලකෙන මෙය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ඕස්ට්‍රේලියාවේ විශාලතම විල හැටියට සැලකෙන මෙය දකුණු ඕස්ට්‍රේලියාවේ ඊශානදිගින් පිහිටියේය. මෙහි දකුණු වෙරළට ඇඩිලේඩ් නගරයේ සිට දුර සැතපුම් 135කි. මේ විල මුහුදු මට්ටමට වඩා අඩි 39ක් පහළය. අවුරුද්දෙන් අවුරුද්දට මෙන් ම ඍතුවෙන් ඍතුවට ද අවට ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය අනුව විලෙහි ප්‍රමාණය වෙනස් වන හෙයින් නියම දිග පළල මෙපමණැයි නිශ්චය වශයෙන් සීමා කළ නොහැකිය. සාමාන්‍යයෙන් විලේ දිග සැතපුම් 120කි. පළල සැතපුම් 60කි. විල් ද්‍රෝණියේ සාමාන්‍ය වර්ග ප්‍රමාණය ව.සැ. 3,700කි. විටෙක මෙය මුළුමනින් ම සිඳී යන්නේ ද වේ. ජලවහන ප්‍රදේශයක කේන්ද්‍රය වන මීට වෝබර්ටන්, බාර්කු, ඩග්ලස්, පීක් සහ නීල්ස් ආදි අල්පකාලීන ගංගා කීපයක් ම ගලා බසී.
භූ විද්‍යා ඉතිහාසය අනුව එයාර් විල කලෙක මධ්‍යම ඕස්ට්‍රේලියාවෙහි වූ මුහුදක ශේෂ ලක්ෂණයක් ලෙස සලකනු ලැබේ.
(සංස්කරණය: 1974)