එල්ජින් ඇල්ල
සිංහල විශ්වකෝෂය වෙතින්
08:47, 24 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('නුවරඑළි දිස්ත්‍රික්කයෙහි නානුඔය නගරයට සැ. පහ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
නුවරඑළි දිස්ත්‍රික්කයෙහි නානුඔය නගරයට සැ. පහක් පමණ අග්නි දිගින් දඹගස්තලාඔයේ පිහිටි දියඇල්ලකි. මෙය පිහිටි ප්‍රදේශය මුහුදු මට්ටමේ සිට අඩි 3,500ක් උස්ය. පළමුව අඩි 94ක් හා දෙවනුව අඩි 88ක් පහළට දිය දහර ඇද හැළෙන කොටස් දෙකකින් මේ ඇල්ල සෑදී ඇත. එල්ජින් ඇල්ලට ඉහළ පෙදෙසෙහි දඹගස්තලා ඔය ආධාර කරගෙන අඹේවෙල ජලාශය ඉදිකිරීමෙන් පසුව (1968) මෙම ඇල්ල බොහෝ දුරට සිඳී ඇත.
(සංස්කරණය: 1974)