එස්මෙරාල්ඩාස්

සිංහල විශ්වකෝෂය වෙතින්
14:05, 1 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Esmeraldas). ඉක්වදෝරයේ ඉතා ම උතුරේ වූ පළාතය. ව.සැ. 6,134ක්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Esmeraldas). ඉක්වදෝරයේ ඉතා ම උතුරේ වූ පළාතය. ව.සැ. 6,134ක් විශාල මෙහි ජනගහනය (1961) 124,881කි. සමක දේශගුණයෙන් යුත් මේ ප්‍රදේශයෙහි කොකෝවා, කෝපි, සහල් හා දැව නිපදවනු ලැබේ. රන් ඇතුළු ලෝහ වර්ග ද ඇත. එස්මෙරාල්ඩාස් ගං මෝය අසල පිහිටි මෙහි ප්‍රධාන නගරය හැඳින්වෙනුයේ ද මෙනමින් මය. එහි ජනගහනය (1959) 20,700කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එස්මෙරාල්ඩාස්&oldid=11369" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි