එස්රා
සිංහල විශ්වකෝෂය වෙතින්
14:10, 1 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බයිබලයේ පරණ තෙස්තමේන්තුවට අයත් එස්රා (7−10) හා න...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
බයිබලයේ පරණ තෙස්තමේන්තුවට අයත් එස්රා (7−10) හා නෙහෙමියා (8-9) යන ග්‍රන්ථවල සඳහන් වන බැබිලෝනියානු යුදෙව් පූජකයෙකි. පශ්චාත් ජුදාගමේ ප්‍රධාන ආදිකර්තෘ හැටියට ද මෙතුමා සැලකේ. එස්රා, අර්තක්ෂස්තා (ආටක්ස’සීස්) රජවාසල පලස්තීන (යුදෙව්) කටයුතු භාර නිලධාරියා වශයෙන් ක්‍රියා කොට එරජුගෙන් ලත් බලතල සහිතව ජෙරුසලමට පැමිණ යුදෙව් ආගම හා ජනතාව පරිශෝධනය කිරීමෙහි යෙදුණේය. හේබ්‍රෙව් නීති (ධර්ම)යෙහි විශාරදයකු වූ එතුමා පූජකාධිකාරී ආගමක් බවට හැරී පැවති හේබ්‍රෙව් ආගම පවිත්‍ර කොට නෛතික ස්වරූපී යුදෙව් ආගමක් ප්‍රතිෂ්ඨාපනය කිරීමට ගත් සාර්ථක ප්‍රයත්නය නිසා දෙවන මෝසෙස් කෙනකුත් වත්මන් ජුදාගමේ සමාරම්භකයාත් හැටියට කීර්තියට පත් විය.
(සංස්කරණය: 1974)