ඇඹිලිපිටියේ වැව

සිංහල විශ්වකෝෂය වෙතින්
13:21, 3 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇඹිලිපිටිය කඩපළට දකුණු දෙසින් පිහිටි මේ වැව ක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇඹිලිපිටිය කඩපළට දකුණු දෙසින් පිහිටි මේ වැව කාවන්තිස්ස රජුගේ ඇමැතියකු විසින් කරවන ලද්දකැයි යනු ජනප්‍රවාදයයි. වැව දෙපස නැගෙනහිරින් හා බටහිරින් දාගැබ් දෙකක් තනවා තිබුණු බව ද කියති. 1891 දී මෙම වැව සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලදි. මෙකල මෙහි වැව් කණ්ඩියේ දිග අඩි 2,000කි. පෝෂක ප්‍රදේශය ව.සැ. 1, 1/2ක් පමණ වේ. මෙම වැවෙන් හා ඊට උතුරින් පිහිටි හිඟුරාර වැවෙන් ද ජල සම්පාදනය කැරෙන බිම් ප්‍රමාණය අක්කර 535ක් පමණ වේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇඹිලිපිටියේ_වැව&oldid=11385" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි