ඇඹිලිපිටියේ වැව
සිංහල විශ්වකෝෂය වෙතින්
13:21, 3 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇඹිලිපිටිය කඩපළට දකුණු දෙසින් පිහිටි මේ වැව ක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ඇඹිලිපිටිය කඩපළට දකුණු දෙසින් පිහිටි මේ වැව කාවන්තිස්ස රජුගේ ඇමැතියකු විසින් කරවන ලද්දකැයි යනු ජනප්රවාදයයි. වැව දෙපස නැගෙනහිරින් හා බටහිරින් දාගැබ් දෙකක් තනවා තිබුණු බව ද කියති. 1891 දී මෙම වැව සම්පූර්ණයෙන් ප්රතිසංස්කරණය කරන ලදි. මෙකල මෙහි වැව් කණ්ඩියේ දිග අඩි 2,000කි. පෝෂක ප්රදේශය ව.සැ. 1, 1/2ක් පමණ වේ. මෙම වැවෙන් හා ඊට උතුරින් පිහිටි හිඟුරාර වැවෙන් ද ජල සම්පාදනය කැරෙන බිම් ප්රමාණය අක්කර 535ක් පමණ වේ.
(සංස්කරණය: 1967)