ඇරිස්ටිපස්
සිංහල විශ්වකෝෂය වෙතින්
14:30, 16 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ක්රිස්තු පූර්ව 435-356). සයිරනෙයික දාර්ශනික පරපු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(ක්රිස්තු පූර්ව 435-356). සයිරනෙයික දාර්ශනික පරපුරේ ආදි කතුවරයා හැටියට අතීතයේ දී සලකනු ලැබූ ග්රීක දාර්ශනිකයා ය. අප්රිකානු වෙරළබඩ පිහිටි සයිරීනි නම් නගරයේ උපන් මොහු සොක්රටීස්ගේ ගෝලයෙක් විය. නියම වශයෙන් සයිරීනි පරපුර ආරම්භ වනුයේ මොහුගේ නම ම දැරූ මොහුගේ මුනුබුරාගෙන්ය යනු මෙකල ඇතැම් විචාරකයන්ගේ මතයයි.
යහපත නම් ඒ මොහොතේ සොම්නස යයි ඉගැන්වූ හෙතෙම සියලු සජීව වස්තුවක් ම වෑයම් කරනුයේ සොම්නස ලබාගැනීම සඳහා යයි ද ජීවිතයේ පරමාර්ථය විය යුත්තේ ද එය ම යයි ද කීවේය. තමා ඉගැන්වූ සුඛපරමවාදය අනුව ඔහු ජීවත් විය. ඔහු දර්ශනය ඉගැන්වූයේ තම ආචාර්ය්ය සොක්රටීස් මෙන් නොව විතණ්ඩවාදීන් (sophists) මෙන් මුදලටය. තමා ඉපයූ මුදලින් හෙතෙම කෑවේය, බීවේය, ඇන්දේය; කම්සැප අනුභව කෙළේය.
සයිරනෙයිකවාදය ද බලන්න.
(සංස්කරණය: 1967)