අංකෙන්ද

සිංහල විශ්වකෝෂය වෙතින්
14:23, 29 මැයි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('ලංකාවේ මුහුදු මට්ටමේ සිට අඩි 5,000ක් පමණ උස ඇති තෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකාවේ මුහුදු මට්ටමේ සිට අඩි 5,000ක් පමණ උස ඇති තෙත ප්‍රදේශවල බහුලව වැවෙන ශාකයකි. නැගෙනහිර බෙංගාලය, ඉන්දියාවේ නිරිත දිග ප්‍රදේශය, ජාවා, සුමාත්‍රා සහ වියට්නාම් ආදි ප්‍රදේශවල ද මේ ශාකය වැවේ.මෙය රුටාසේ කුලයටඅයත් වූ සිනිඳු පොත්තක් ඇති විශාල නොවූ ගසකි. රිකිලි සිනිඳුය. කොළ අඟල් 3 සිට 5 දක්වා දිගය, සිනිඳුය, දීප්තිමත්ය, අණ්ඩාකාරය. කොළ සම්මුඛය (ooposite). ඇතැම් කොළ ඒකාන්තරය (alternate). කොළ දාරය සම්පූර්ණය. දික් වූ මංජරී වෘන්ත ඇති සමතල (cormbose) බහු-අක්ෂයන්හි (cymes) ප්‍රමාණයෙන් අඟල් ¾ ක් පමණ වූ කහ පැහැයක් ඇති සුදු පාට මල් හට ගනී. දල පාදයෙහි ඇතුල් පැත්ත බූ සහිතය. රේණු දලවලට වඩා කොටය. කීලය (style) ඉතා කොටය. ඵලය නොපැළෙන ගෝලාකාර අෂ්ටිලයකි (drupe). අඟල් ½ සිට ¾ දක්වා දිගය, තරමක් ගෝලාකාරය, සිනිඳුය. මේ ‍ශාකයේ මේ කොටසට තැළුවහොත් හෝ පොඩි කළහොත් එයින් ට'පන්ටයින්වල වැනි සුවඳක් පැතිර යයි. ලීය තරමක් බරය, ළා කහ පාටය.‍ අංකෙන්ද පොතු හා කොළ කැඩුම් බිඳුම් වෙදකමට ද ගෙඩි වෙදකමට හා හරක් වෙදකමට ද ගනු ලැබේ. තෙලිදිය පැසීම වැළැක්වීමට හල් පොතු දමන්නාක් මෙන් ඇතැම් පළාත්හි පැණි මුල්වලට අංකෙන්ද පොතු හෝ අංකෙන්ද කොළ හෝ දමන සිරිතක් ඇත්තේය. ඉන් බලාපොරොත්තු වන්නේ පැණියෙහි පැසීම වළක්වා ඉක්මනින් වැලිහකුරු සෑදෙන්නට සැලැස්සීමය.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංකෙන්ද&oldid=1145" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි