ඔටෝ II

සිංහල විශ්වකෝෂය වෙතින්
15:29, 21 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(953-983). ක්‍රි.ව. 961 සිට ජර්මන් රජ පදවිය ද 967 සිට බටහිර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(953-983). ක්‍රි.ව. 961 සිට ජර්මන් රජ පදවිය ද 967 සිට බටහිර රෝම සම-අධිරාජ පදවිය ද දැරූ මෙතෙම 973 දී සිය පිය ඔටෝ I රජුගේ මරණින් පසු කේවල ශුද්ධ රෝම අධිරාජයා විය.

974 දී ඩේන්වරුන් ද 977 දී බොහිමියන්වරුන් ද පැරද වූ ඔටෝ II බැවේරියාවේ ඇති වූ කැරැලි මැඩපවත්වා එහි ආදිපාදවරයා පදවියෙන් නෙරපීය. ඉක්බිති 978 දී ප්‍රංසයේ ලොතේර් (Lothair) රජුට විරුද්ධව යුද වැදුණු ඔටෝ II 980 දී ඔහු හා සමඟ සාමයක් ඇති කර ගත්තේය.

දකුණු ඉතාලිය සිය අධිරාජ්‍යයට එකතු කර ගැනීමට වෙහෙසුණු ඔටෝ සැරසන්වරුන්ට විරුද්ධව යුද්ධාරම්භ කෙළේය. එහෙත් අරාබීහු නැගෙනහිර (බයිසන්ටයින්) අධිරාජ්‍යයේ ද ආධාරය ලබා ඔටෝ II අධිරාජයා පැරදවූහ. ඉක්බිති නැවතත් අරාබීන්ට විරුද්ධව යුද්ධයකට සූදානම් වෙමින් සිටිය දී, සමහර ජර්මන් ගෝත්‍ර ඔහුගේ පාලනයට විරුද්ධව කැරැලි ගැසීමට සැරසෙද්දී, ඔටෝ අධිරාජයා රෝමයේ දී හදිසියෙන් කලුරිය කෙළේය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔටෝ_II&oldid=11453" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි