ඔටෝ IV
(1182-1218). සැක්සනියේ ආදිපාදවර හෙන්රි ද ලයන්ගේ ද්විතීය පුත්ර වූ මෙතෙම 1198 සිට ජර්මන් රජ ද 1209 සිට ශුද්ධ රෝම අධිරාජයා ද විය.
1198 දී කොලෝන්හි දී ජර්මන් රජු හැටියට එක් පක්ෂයක් විසින් තෝරා පත් කරගන්නා ලද මොහුට විරුද්ධව රටේ නොසන්සුන්කම් ඇති විය. ඔහුගේ ප්රතිවිරුද්ධකාරයා වූ කලින් ජර්මන් රජු හැටියට තේරී සිටි පිලිප් 1208 දී ජීවිතක්ෂයට පත් කරන ලදින් ඔටෝ කුමරුහට රජ වීමේ වාරය සැලසිණි. 1208 දී ජීවිතක්ෂයට පත් කරන ලදින් ඔටෝ කුමරුහට රජ වීමේ වාරය සැලසිණි. 1208 දී ෆ්රැන්ක්ෆර්ට්හි දී යළිත් ජර්මන් රජු හැටියට ඔහු තෝරාගනු ලැබීය. 1209 දී ඉනසන්ට් III පාප්තුමා අතින් රෝම අධිරාජයා හැටියට කිරුළු පැලඳි ඔටෝ IV එම පදවි ලත් විගස පාප්තුමාට දුන් ප්රතිඥා බිඳීමට පටන් ගත්තේය. මේ නිසා පාප්තුමා හා අධිරාජයා අතර භේදය ලියලන්නට විය. පාප්තුමා විසින් ඔහු කතෝලික සභාවෙන් පිටුවහල් කරනු ලැබීය. මේ අතර සිසිලියේ ෆ්රෙඩරික් රජු පරදවා ඔහු දකුණු ඉතාලිය අයත් කරගත් නමුත් ජර්මනියේ න්යුරම්බර්ග්හි රැස් වූ ඔහුගේ ශත්රැ කුමාරවරු 1211 දී ඔටෝ රජකමින් නෙරපන ලද බව ප්රකාශ කර ෆ්රෙඩරික් වෙත රජකම පැවරූහ. ඉංග්රීසීන්ගේ ද සහාය ලැබ ඔටෝ මීට විරුද්ධව සටන් කළ නමුත් 1214 දී ප්රංසයේ පිලිප් II අතින් පැරදිණ. 1215 දී රජකමින් පහ කරන ලද ඔහු කලක් ම සැක්සනියේ සිය හිතවතුන් අතර සිට 1218 දී මිය ගියේය.
(සංස්කරණය: 1974)