ඒකනාළ බමුණුගම

සිංහල විශ්වකෝෂය වෙතින්
11:21, 27 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බ්‍රාහ්මණ ග්‍රාමයක් වූ මෙය රජගහ නුවරට දකුණින...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බ්‍රාහ්මණ ග්‍රාමයක් වූ මෙය රජගහ නුවරට දකුණින් පිහිටියේය. දක්ඛිණගිරි විහාරය පිහිටියේ මෙම ගමට ආසන්නවය. මහාවග්ගයට අනුව බිම්බිසාර රජුට අයත්ව තිබුණු ගම් අසූ දහසින් ඒකනාළ ගම ද එකකි. කසීභාරද්වාජ බ්‍රාහ්මණයා උපත ලැබුවේ ද මෙහිය.

බුද්ධත්වයෙන් එකොළොස්වන වස මෙගමට වැඩම කළ ගෞතම බුදුන් වහන්සේ යථෝක්ත බ්‍රාහ්මණයාට දහම් දෙසීමෙන් පසු ඔහු බුදුන් සරණ ගිය බැව් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්ය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒකනාළ_බමුණුගම&oldid=11475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි