ඒකනාළ බමුණුගම
සිංහල විශ්වකෝෂය වෙතින්
11:21, 27 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බ්‍රාහ්මණ ග්‍රාමයක් වූ මෙය රජගහ නුවරට දකුණින...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
බ්‍රාහ්මණ ග්‍රාමයක් වූ මෙය රජගහ නුවරට දකුණින් පිහිටියේය. දක්ඛිණගිරි විහාරය පිහිටියේ මෙම ගමට ආසන්නවය. මහාවග්ගයට අනුව බිම්බිසාර රජුට අයත්ව තිබුණු ගම් අසූ දහසින් ඒකනාළ ගම ද එකකි. කසීභාරද්වාජ බ්‍රාහ්මණයා උපත ලැබුවේ ද මෙහිය.
බුද්ධත්වයෙන් එකොළොස්වන වස මෙගමට වැඩම කළ ගෞතම බුදුන් වහන්සේ යථෝක්ත බ්‍රාහ්මණයාට දහම් දෙසීමෙන් පසු ඔහු බුදුන් සරණ ගිය බැව් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්ය.
(සංස්කරණය: 1974)