ඒකීය ක්‍රමය

සිංහල විශ්වකෝෂය වෙතින්
16:16, 28 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Unitary method). ඒකකයක අගය සොයා ඒ අනුසාරයෙන් ගණනය කිරීම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Unitary method). ඒකකයක අගය සොයා ඒ අනුසාරයෙන් ගණනය කිරීම ඒකීය ක්‍රමය නමි. නිදසුනක් මෙසේයි: පොල් ගෙඩි 20ක් රුපියල් 5ක් නම් එක පොල් ගෙඩියක මිල සොයා ගැනීමෙන් පසු ඕනෑ ම පොල් ගෙඩි ගණනක මිල සෙවිය හැකිය. ඒ අනුව එක පොල් ගෙඩියක මිල සත 25කි. ඒ නිසා පොල් ගෙඩි 15ක් රු. 3.75ය.

මිනිසුන් 5 දෙනකුට යම් වැඩක් දින 6කින් කළ හැකි නම් 3 දෙනකුට ඒ වැඩය ම කිරීමට යන කාලය සෙවිය හැක්කේ එක මිනිසකුට සම්පූර්ණ වැඩය කිරීමට යන කාලය සොයා ගැනීමෙනි. එක් මිනිසකුට ඒ වැඩය කිරීමට 5×6=දින 30ක් ඕනෑය. ඒ නිසා මිනිසුන් 3 දෙනකුට 30÷3=දින 10ක් ඕනෑ වේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඒකීය_ක්‍රමය&oldid=11487" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි