ඔර්ලෙයොං ආදිපාද ෆිලිප් II

සිංහල විශ්වකෝෂය වෙතින්
09:30, 4 අගෝස්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1674-1723). බූර්බොං-ඔර්ලෙයොං ඈපා පරපුරේ ආරම්භකයා වූ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1674-1723). බූර්බොං-ඔර්ලෙයොං ඈපා පරපුරේ ආරම්භකයා වූ ෆිලිප් I ඇපාගේ පුත්‍ර මෙතෙම ලුවී XIVගේ දුහිතෘ ද බ්ලුවා (de Blois) කුමරිය හා විවාහ විය. 1715 දී ලුවී රජු මියගිය පසු බාලවයස්කාර ලුවී XV රජු වෙනුවෙන් රාජ්‍යභාරය පැවරුණේ ෆිලිප් II ආදිපාදයා වෙතය. රාජ්‍යභාර (රීජන්ට්) මාපා හැටියට ඔහු පාර්ලිමේන්තුව මගින් මුළු බලය සියතට ගෙන රටේ පාලනය ගෙනගියේය. ඔහු බදු බර අඩු කොට භටයන් සේවාවෙන් මුදාහැර රටේ ශුභසිද්ධිය තකා කටයුතු කරගෙන ගියේය. ස්පාඤ්ඤය හා තිබුණු සම්බන්ධය නැති කොට එංගලන්තය හා මිත්‍රත්වය ඇති කර ගත්තේය. මොහු ප්‍රමාණයට වඩා නෝට්ටු නිකුත් කිරීම නිසා රටේ මුදල් පිළිබඳ ඉතා අවදානම් තත්වයක් ඇති විය.

රාජ්‍යභාරය ෆිලිප් ඈපාගෙන් ඉවත් කොට ස්පාඤ්ඤයේ ෆිලිප් V වෙත පැවැරීම උදෙසා ගෙන යන ලද කුමන්ත්‍රණයක් 1718 දී යටපත් කරන ලදි.

1723 දී ලුවී XV නිසි වියට එළඹියෙන් ෆිලිප් ඈපා රාජ්‍යභාර මාපා පදවියෙන් ඉවත් විය. එහෙත් ඔහු රජුගේ ප්‍රථම මන්ත්‍රී හැටියට පත් කරනු ලැබ මරණය දක්වා ම එම පදවිය ඉසිලීය.

(සංස්කරණය: 1974)