ඇන්තනි ඔලිෆන්ට්
සිංහල විශ්වකෝෂය වෙතින්
10:44, 11 අගෝස්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1793-1859). 19 වැනි සියවසේ මැද හරියේ දී ලංකාවේ ප්‍රධාන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(1793-1859). 19 වැනි සියවසේ මැද හරියේ දී ලංකාවේ ප්‍රධාන විනිශ්චයකාර පදවිය දැරූ මොහු බ්‍රිතාන්‍ය ජාතික සුප්‍රසිද්ධ ලේඛකයකු වූ ලෝරන්ස් ඔලිෆන්ට් (1829-1888) මහතාගේ පියාය. ලංකාවට එන්ට පෙර මොහු කේප් කොලනියේ ඇටෝර්නි ජනරාල් පදවිය දැරීය. 1848 උඩරට කැරැල්ල ඇති වූයේ මොහු ලංකාවේ ප්‍රධාන විනිශ්චයකාර ධුරය දරමින් සිටිය දීය. කැරලිකරුවන්ට විරුද්ධව පවරන ලද නඩු විභාග කළ මොහු වැරදිකරුවන් ආණ්ඩුකාරතැනගේ සමාව ලැබීමට සුදුසු යයි නිර්දේශ කොට තිබිණි. ටොරිංටන් සාමිගේ දරුණු ක්‍රියා පරිපාටිය අනුමත නොකළ අය අතර මොහු ද එක් තැනැත්තෙක් විය.
(සංස්කරණය: 1974)