ක්‍රිස්ටියන් ෆොන් ඒරන්ෆෙල්ස්

සිංහල විශ්වකෝෂය වෙතින්
13:59, 1 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1859-1932). ‘ගෙෂ්ටාල්ට්’ (Gestalt) යන පදය මනෝවිද්‍යාවට ඇත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1859-1932). ‘ගෙෂ්ටාල්ට්’ (Gestalt) යන පදය මනෝවිද්‍යාවට ඇතුළු කළ ඕස්ට්‍රියානු ජාතික දාර්ශනිකයායි.

වියනා නගරය අසල රෝඩව්න්හි දී උපන් මෙතෙම වියනා විශ්වවිද්‍යාලයෙහි අධ්‍යාපනය ලබා 1896 දී ප්‍රාග් නුවර ජර්මන් විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ සුවිශේෂ මහාචාර්යය ධුරයට පත්ව 1920 සිට 1929 දක්වා එහි ම සාමාන්‍ය මහාචාර්‍ය්‍යවරයකු වශයෙන් කටයුතු කෙළේය.

Über Gestaltqualitäten (හැඩයක හෙවත් ආකෘතියක ගුණ ගැන) යන මැයින් 1890 දී ඔහු පළ කළ සවිස්තර ලිපිය ගෙෂ්ටාල්ට් මනෝවිද්‍යාව නමින් හැඳින්වෙන මනෝවිද්‍යාත්මක සංකල්පයන්ගේ මූලාරම්භය විය. අගය පිළිබඳ සංකල්පය මනෝවිද්‍යානුකූලව සලකා බලමින් ඔහු කළ කාණ්ඩ දෙකකින් යුත් System der Werttheorie (අගය න්‍යාය පද්ධතිය) නම් ග්‍රන්ථය ද මනෝ විද්‍යාව විෂයයෙහි පුරෝගාමී කෘතියකි. ඒරන්ෆෙල්ස් තවද දාර්ශනික ග්‍රන්ථ කීපයක් හා නාට්‍ය ග්‍රන්ථ කීපයක් සම්පාදනය කෙළේය.

(සංස්කරණය: 1974)