ඔලිම්පියා (2)

සිංහල විශ්වකෝෂය වෙතින්
13:08, 7 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ වොෂිංටන් ප්‍රදේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ වොෂිංටන් ප්‍රදේශ රාජ්‍යයෙහි ප්‍රධාන නගරයයි. ප්‍යුජෙට් සමුද්‍රසන්ධියෙහි දකුණු කෙළවර පිහිටි මෙහි ප්‍රසිද්ධ නැව්තොටක් හා විශාල ගගන යාත්‍රාංගණයක් ද තිබේ. විශාලත්වයෙන් ව.සැ. අටකටත් අඩු වූ මෙහි ජනගහනය (1960) 18,273කි. වානේ, ඇලුමිනියම් ආදි ලෝහ බඩු හා ලී බඩු ද ටින් කෑම වර්ග, මද්‍යසාර, තෙල්වර්ග, යුද්ධායුධ ආදිය මෙහි නිපදවන දේවල්ය. මෙයින් බොහොමයක් පිටරට යවනු ලැබේ. මෙහි දකුණු දිගින් ඩේ ෂූට් නදිය ගලයි. 19 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී නිර්මාණය කරන ලද මේ නගරය 1853 දී වොෂිංටන් ප්‍රදේශ රාජ්‍යයේ ප්‍රධාන නගරය බවට පත්විය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔලිම්පියා_(2)&oldid=11736" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි