ඓ

සිංහල විශ්වකෝෂය වෙතින්
15:10, 7 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සිංහල වර්ණ මාලාවේ පසළොස් වන අක්ෂරයයි. තෙලිඟු,...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල වර්ණ මාලාවේ පසළොස් වන අක්ෂරයයි. තෙලිඟු, මලයාලම් ආදි ඉන්දියානු භාෂා කීපයක ම මීට තෙළෙස්වන තැන හිමි වේ. ප්‍රාණාක්ෂරයක් වූ ඓකාරය ව්‍යඤ්ජනාක්ෂරයකට ආරූඪ වූ බව දැක්වීමේ දී ගාත්‍රාක්ෂරයෙහි හල්භාවය දක්වන ලකුණ ඉවත් කොට අකුරට මුලින් කොම්බු දෙකක් යොදනු ලැබේ (නි. ක්+ඓ=කෛ). ඓකාරය උගුර සහ තල්ලෙන් උපදින බැවින් කණ්ඨතාලුජාක්ෂරයක් වෙයි. ස්ථාන ද්වයක් ආශ්‍රිතව උච්චාරණය වන බැවින් ද්විජාක්ෂරයක් ද වෙයි. සංස්කෘත ශබ්දයන්හි දක්නා ඓකාරය පාලි ප්‍රාකෘත භාෂාවන්හි ඒකාර වී සිටී. තද්භව සිංහල ශබ්දයන්හි බෙහෙවින් එකාර වශයෙන් ද (නි. කෛලාස>කෙලෙස්), සිංහල තත්සම ශබ්දයන්හි අයි ලෙස ද (නි. ඓරාවණ>අයිරාවණ) සිටිනු පෙනේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඓ&oldid=11743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි