ඓසල්මේර්
සිංහල විශ්වකෝෂය වෙතින්
15:50, 7 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('නෙදර්ලන්තයේ සයිඩර් මුහුද ගොඩකිරීම සඳහා 1932 දී ඇ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
නෙදර්ලන්තයේ සයිඩර් මුහුද ගොඩකිරීම සඳහා 1932 දී ඇෆ්ස්ලුයිට්ඩයික් නම් වේල්ල ඉදිකිරීමෙන් පසු ගොඩ පැත්තෙහි ඇති වූ මිරිදිය විල මෙ නමින් හැඳින්වේ. මෙම විල් පෙදෙස ඇතුළත ගොඩබිම් වශයෙන් සකස් කිරීමට නියමිත පෝල්ඩර් නම් කොටස් හතරක් විය. ඉන් ව.සැ. 78ක් විශාල වීරින්ගර්මේර් පෙදෙස හා ව.සැ.187ක් විශාල ඌර්කර්ලාන්ඩ් පෝල්ඩර් දැනටමත් ගොඩකර අවසානය. ව.සැ. 390ක් විශාල ගිනිකොණ පෝල්ඩරය හා ව.සැ. 210ක් විශාල නිරිතදිග පෝල්ඩරය ගොඩකර නිම වූ විට ඓසල්මේර් විලෙහි විශාලත්වය ව.සැ. 469ක් වනු ඇත. දෙවැනි ලෝක යුද්ධය නිසාත් 1953 මහා ජලගැල්ම නිසාත් මෙහි සංවර්ධන කටයුතුවලට නොයෙක් බාධා ඇති විය. මෙම විලට ගලා බස්නා ගංගා කීපයක් ම ඇත. ඓසල් ගඟ ද ඉන් එකකි (සයිඩර් මුහුද බ.).
(සංස්කරණය: 1974)