ඇලන්ටවුන්

සිංහල විශ්වකෝෂය වෙතින්
10:31, 8 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ පෙන්සිල්වේනියා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ පෙන්සිල්වේනියාවට අයත් දියුණු කාර්මික නගරයකි. නිව් යෝක් නගරයට සැතපුම් 93ක් නිරිත දිගින් ලීහයි ගං ඉවුරෙහි පිහිටා ඇති මෙහි ප්‍රථම ජනාවාසය ඇති වූයේ 1751 දීය. 1867 දී එය නගරයක් බවට පත් විය. මීට ඇලන්ටවුන් යන නාමය ලැබුණේ පෙන්සිල්වේනියාවේ අග්‍ර විනිශ්චයකරුවකු වූ විලියම් ඇලන්ගේ නාමය අනුවය. ඇමෙරිකානු නිදහස් යුද්ධ සමයේ දී ෆිලඩෙල්ෆියාව අත් කරගැනීමට බ්‍රිතාන්‍ය භටයන් තර්ජනය කළ විට (1777) එහි තිබුණු සුප්‍රසිද්ධ නිදහස් සීනුව ආරක්ෂාව පිණිස ගෙන යනු ලැබුයේ මේ නගරයටය. දුම්රිය මාර්ග තුනකින් හා මහා මාර්ග කීපයකින් සේවය ලබන මේ නගරයෙහි සිමෙන්ති, මෝටර් රථ, විදුලි භාණ්ඩ, ආකර යන්ත්‍රෝපකරණ, සුරුට්ටු සහ රෙදිපිළී ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කරනු ලැබේ. මෙහි ජනගහනයෙන් (108,347) වැඩි කොටස ජර්මන් ජාතිකයන්ගෙන් පැවැත එන්නෝයි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලන්ටවුන්&oldid=11758" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි