ඇලබාමා ගඟ

සිංහල විශ්වකෝෂය වෙතින්
13:05, 8 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා පළාතේ ප්‍රධාන ග...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා පළාතේ ප්‍රධාන ගඟයි. වයඹදිග ජෝජියාවේ පිහිටි ඇපලේචියන් කඳුවලින් ඇරැඹෙන කූසා (සැ. 286) සහ ටැලාපූසා (සැ. 268) යන ගංගා එක් වීමෙන් සෑදෙන මේ ගඟ සැතපුම් 315ක් දිගය. කහාබා (සැ. 200) එහි තවත් අත්තකි.

මේ නිම්නයෙහි උපදවන ප්‍රධාන වෙළඳ ද්‍රව්‍යය කපුය. දැව, ගල්අඟුරු හා ඛනිජ තෙල් අනෙක් ද්‍රව්‍යය. කුඩා ගංගා යාත්‍රාවලට ප්‍රධාන ඇලබාමා ගඟේ හා කූසා ගඟේ පහසුවෙන් යාත්‍රා කළ හැකියි. කපු, ධාන්‍ය, පෝර සහ දැව මෙහි එහා මෙහා ගෙන යන ප්‍රධාන ද්‍රව්‍යය. මොබිල්, සෙල්මා සහ මොන්ට්ගොමරි මේ නිම්නයේ වැදගත් නගර වේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලබාමා_ගඟ&oldid=11760" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි