හේල්ස්හි ඇලෙක්සැන්ඩර්

සිංහල විශ්වකෝෂය වෙතින්
10:49, 13 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1175-1245). ඉංග්‍රීසි ජාතික ස්කොලාස්ටිකවාදී (ක්‍රිස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1175-1245). ඉංග්‍රීසි ජාතික ස්කොලාස්ටිකවාදී (ක්‍රිස්තියානි පණ්ඩිතවාදී) දාර්ශනිකයෙකි.

1235 දී කවන්ට්රිහි අග්‍ර ඩීකන් පදවිය ලත් මොහු 1236 දී ප්රැන්සිස්කන් නිකායට බැඳුණේය. ඇරිස්ටෝටල්ගේ මතවල හා ක්‍රිස්තියානි ධර්මයේ සමානත්වය දක්වමින් මුලින් ම ක්‍රමවත් ග්‍රන්ථයක් ලිවීමේ ගෞරවය හිමි වන්නේ මොහුටය. මවන ලද ආධ්‍යාත්මික (spiritual) හෝ භෞතික සැම දෙයක් ම ද්‍රව්‍ය හා ආකෘති සංඛ්‍යාවට ඇතුළත් වන බව ඔහු පැවසීය.

‘සුම්මා තියොලොජිකා’ (Summa Theologica) යන විශාල ග්‍රන්ථය ඔහුගේ ම කෘතියක් යයි කලක් ම සලකන ලද නමුත් වැඩි වශයෙන් එය ලියන ලද්දේ ඔහුගේ අනුගාමිකයන් විසිනැයි සොයා ගෙන ඇත. බොනවෙන්ටූරා, රොජර් බේකන් ආදීහු ඇලෙක්සැන්ඩර්ගේ ගෝලයෝ යයි සලකනු ලැබෙත්.

(සංස්කරණය: 1967)