ඇලෙක්සැන්ඩ්‍රා

සිංහල විශ්වකෝෂය වෙතින්
10:59, 13 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1844-1925). එංගලන්තයේ ඇඩ්වඩ් VII රජුගේ බිසවය. ඩෙන්මාර්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1844-1925). එංගලන්තයේ ඇඩ්වඩ් VII රජුගේ බිසවය. ඩෙන්මාර්කයේ ක්‍රිස්ටියන් IX රජුගේ දූ වූ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය 19 වන වියේ දී, එවක වේල්ස්හි කුමාර පදවිය දැරූ ඇඩ්වඩ් කුමරු හා විවාහ වූවාය.

1902 දී ඇඩ්වඩ් කුමරු බ්‍රිතාන්‍ය රාජ පදවියට පත්ව ඔටුනු පලන් අවස්ථාවේ දී ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය බිසව හැටියට අභිෂේක ලැබුවාය. එවක මුළු යුරෝපයේ ම සිටි රූමත් කාන්තාවන් අතුරෙන් කෙනකු හැටියට ද ප්‍රසිද්ධ වූ ඇයගේ රූසපුව ටෙනිසන් කවියා අතින් කවියට ද නැඟුණේය. ගිලනුන් හා නොයෙක් සතුන් කෙරෙහි දැක්වූ කරුණාව ද ඇගේ රූප සම්පත්තිය ද නිසා ඇලෙක්සැන්ඩ්‍රා බිසව බෙහෙවින් ජනප්‍රිය වූවාය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලෙක්සැන්ඩ්‍රා&oldid=11799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි