ඇලෙමානි

සිංහල විශ්වකෝෂය වෙතින්
11:33, 13 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ජර්මනියේ විසූ ගෝත්‍ර සමූහයක් ම මෙනමින් හැඳින...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජර්මනියේ විසූ ගෝත්‍ර සමූහයක් ම මෙනමින් හැඳින්විණි. රයින් ගඟබඩ පෙදෙස්වල විසූ මෙම ගෝත්‍රිකයෝ නිරතුරුව ම රෝමවරුන් සමඟ යුද වැදුණාහ. තෙවෙනි ශතවර්ෂයේ දී ඔව්හු ඉතාලිය ආක්‍රමණය කළහ. ගැලියේනස් විසින් මිලාන්හි දී ඔවුන් පරාජයට පත් කරන ලද නමුදු ක්ලෝඩියස් ගොතිකස් සහ ඕරේලියන් යන දෙදෙනාට ම ඔවුන් ආපසු පලවා හැරීම සඳහා යළිදු සටන් කිරීමට සිදු විය. එහෙත් පසුව ද කීප විටෙක ම නොයෙක් ප්‍රදේශ ආක්‍රමණය කළ ඔව්හු අවසාන වශයෙන් 495 දී ක්ලෝවිස් විසින් පරාජය කරනු ලැබ ෆ්‍රෑන්ක්වරුන් යටතට පත්වූහ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලෙමානි&oldid=11802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි