ඔලෙයා
සිංහල විශ්වකෝෂය වෙතින්
11:16, 14 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(ගෙරෙයොමෝපා සෙටිපෙර් - Gerremorpha setifer Hamilton - Buchanan). අඟල් 5ක්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(ගෙරෙයොමෝපා සෙටිපෙර් - Gerremorpha setifer Hamilton - Buchanan). අඟල් 5ක් පමණ දිග රිදීපාට මත්ස්යයෙකි. මුහුදු වෙරළාසන්න මිරිදිය කලපුවල හා ගංගා මෝයවල මේ මත්ස්යයා සාමාන්යයෙන් දක්නට ලැබේ.
ඔලෙයාගේ හිස හා ශරීරය පතනශීල කොරපොතුවලින් වැසී ඇත. මුඛය පහළට දික් කළ හැකිය. හනුවල සිහින් දත් තිබේ. පෘෂ්ඨීය වරල් යටින් පාට ඉරි තුනක් ශරීරය හරහා වැටී තිබේ. උගේ වරල් කහපාටය.
උඩැස්සා යන නාමය ද ඔලෙයාට භාවිත වෙයි. ඔලෙයාගේ මාංසය කෑමට සුදුසුය. ඔලෙයා පෙර්සිපෝමේස් (Persiformes) ගෝත්රයෙහි ගෙරිඩේ (Gerridae) කුලයට අයත්ය.
(සංස්කරණය: 1974)