ඔලෙයික් අම්ලය
(Oleic acid). CH=CH (CH2)7 COOH රසායනික සූත්රයෙන් හඳුන්වනු ලබන අසන්තෘප්ත අම්ලයකි. මෙම අම්ලය එහි ග්ලිසරයිල් එස්ටරය වශයෙන් ස්වාභාවික තෙල් සහ මේදවල පිහිටයි (තෙල් සහ මේද බ). ඔලෙයික් අම්ලය පැහැයක් නොමැති තෙලකි. ද්රවාංකය සෙ. 16°කි. තාපාංකය සෙ. 286°කි. ජලයේ අද්රාව්යය. එහෙත් එතනෝල්වල හා ඊතරවල ද්රාව්යය. වි.ගු. 0.891කි.
උත්ප්රේරකයක් ඇති විට ඔලෙයික් අම්ලය හයිඩ්රජනීකරණය කිරීමෙන් ස්ටියරික් අම්ලය ලැබේ. සීත තනුක ක්ෂාරීය පොටෑසියම් ප'මැංගනේට් ද්රාවණයක් මගින් හෝ ඇසිටික් අම්ලයේ ඇති හයිඩ්රජන් පෙරොක්සයිඩ් මගින් හෝ ඔලෙයික් අම්ලය 9:10 හයිඩ්රොක්සි ස්ටියරික් අම්ලයට හැරවිය හැකිය. ආම්ලික පොටෑසියම් ප’මැංගනේට් ද්රාවණයක් මගින් මෙම සංයෝගය ඔක්සිකරණය කිරීමේ දී ඇසලේයික් (azelaic) අම්ලය හා අයනීකරණය නොවන තවත් අම්ලයක් ලැබේ. ඔලෙයික් අම්ලයේ ද්විත්ව බන්ධනය 9:10 ස්ථානයේ ඇති බව මෙයින් පෙනී යයි. ඔලෙයික් අම්ලය ඕසෝනීකරණයෙන් (ඕසොනයිඩ බ.) මෙය තව දුරටත් ස්ඵුට කරගත හැකිය.
888888888888888888888888888
‘සිස්’ ආකාරයේ (cis form) පවතින ඔලෙයික් අම්ලයට නයිට්රස් අම්ලය යෙදීමේ දී ‘ට්රාන්ස්’ ආකාරයට (trans form) පරිවර්තනය වීමෙන් එලෙයිඩික් (elaidic) අම්ලය ලැබේ.
888888888888888888888888888888
ඔලෙයික් අම්ලය ක්ෂාර සමඟ විලීන කළ කල්හි දාමයේ බිඳීමක් ඇති වී ඇසිටික් අම්ලය හා පැල්මිටික් අම්ලය ලැබේ.
8888888888888888888888888888
සබන් වර්ග නිපදවීමේ දී ඔලෙයික් අම්ලය උපයෝගී කරගනු ලැබේ.
(සංස්කරණය: 1974)