ඇල්කේයස්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:14, 14 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Alcaeus). ක්‍රි.පූ. 600 පමණ කාලයෙහි විසූ ග්‍රීක කවියෙක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Alcaeus). ක්‍රි.පූ. 600 පමණ කාලයෙහි විසූ ග්‍රීක කවියෙකි‍. සැෆෝගේ සමකාලිකයකු වූ මෙතෙමේ ඇලෙක්සැන්ඩ්රියන් යුගයේ සාහිත්‍ය විචාරකයන් විසින් නම් කරන ලද ශ්‍රේෂ්ඨතම භාව කවීන් නව දෙනා අතුරෙහි වූවෙකි. ලෙස්බොස් දිවයිනෙහි මිටිලීනී නුවර රදල පවුලක උපන් මෙතෙමේ බොහෝ දේශපාලන අරගළවලට සම්බන්ධ විය. මොහුගේ පද්‍ය බොහොමයකට ම වස්තු වී ඇත්තේ ඉහත කී දේශපාලන අර්බුද හා බලාපොරොත්තු කඩවීම්, උද්‍යෝගය හා ආලය වැනි කරුණුය. එම කවිවලින් රණශූර කවියකුගේ භාවමය ආත්ම ප්‍රකාශනය මැනැවින් පිළිබිඹු වෙයි. ‘ඇල්කේයික්’ (Alcaic) නමින් ප්‍රකට වූ, ඔහුට ම ආවේණික වූ ඡන්දස් ක්‍රමය සැෆෝ විසින් ද (ලතින් සාහිත්‍යයෙහි) හොරස් විසින් ද අනුකරණය කරන ලදි. හොරස්ගේ දේශපාලන ස්තෝත්‍රවල හා මංගල ගීතිකා බොහෝ ගණනක ම ඇල්කේයස්ගේ ආභාසය පෙනේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්කේයස්&oldid=11962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි