ඇල්ජසීරාස්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:43, 14 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දකුණු ස්පාඤ්ඤයේ කාදිස් පළාතේ පිහිටි කුඩා නැව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දකුණු ස්පාඤ්ඤයේ කාදිස් පළාතේ පිහිටි කුඩා නැව්තොටකි.

සුප්‍රකට ශිශිර සුඛස්ථානයක් වූ මෙහි තල්මසුන් මැරීම හා ධීවර කර්මාන්තය ද පලතුරු වැවීම ද කෙරේ.

ඇල්ජසීරාස් නගරය මුලින් ම පිහිටුවන ලද්දේ කාර්තේජියන්වරුන් විසිනි. ඉක්බිති රෝමවරුන්ට අයත්ව පැවති එය 711 දී මුස්ලිම්වරු අල්ලාගත්හ. මුස්ලිම්වරුන් අල්ලාගත් ප්‍රථම ස්පාඤ්ඤ නගරය මෙයයි. 1344 දී අල්පොන්සු රජු විසින් මුස්ලිම්වරුන්ගෙන් මුදාගත් මෙනුවර 18 වන සියවස දක්වා සම්පූර්ණයෙන් ම වාගේ අභාවයට ගොස් තිබුණේය. චාල්ස් III විසින් එම සියවසේ දී ඇල්ජසීරාස් නව නගරය ඉදි කරන ඉදි කරන ලදි.

1906 දී මෙහි වැදගත් අන්තර්ජාතික සම්මේලනයක් පැවැත්විණ (ඇල්ජසීරාස් සම්මේලනය බලන්න). ජනගහනය (1940) 20,225කි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්ජසීරාස්&oldid=11968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි