ඔලේරොං

සිංහල විශ්වකෝෂය වෙතින්
09:18, 20 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බිස්කේ බොක්කෙහි පිහිටි ප්‍රංස දූපත් අතුරෙන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බිස්කේ බොක්කෙහි පිහිටි ප්‍රංස දූපත් අතුරෙන් විශාලත්වය අනුව දෙවැනි ස්ථානය ගන්නා දූපතයි. ව.සැ. 68ක් පමණ විශාල වූ මෙය ප්‍රංසයෙන් වෙන් වී ඇත්තේ මෝමුසොං සමුද්‍ර සන්ධියෙනි. ජනගහනය (1960) 14,797කි. මසුන් මැරීම, බෙල්ලන් ඇති කිරීම, මිදි හා වෙනත් මධ්‍යධරණී පලතුරු වර්ග වැවීම මෙම දූපත්වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපායයෝයි.

මෙම දූපත ප්‍රාග්-ඵෙතිහාසික ජනාවාසයක්ව පැවති බව එහි දක්නට ලැබෙන ‘මෙගලිතික්’ සිහිවටනයන්ගෙන් හෙළි වේ. ප්ලිනි සිය කෘතීන්හි “උලිආරුස් ඉන්සුලා” නමින් සඳහන් කර ඇත්තේ මෙම දිවයින පිළිබඳවය. වර්තමාන සමුද්‍රීය නීතියට පදනම් වූ ‘ඔලේරොංහි නීති’ නමින් දන්නා නීති සංග්‍රහය 12 වැනි සියවසේ දී මෙම දිවයිනේ ව්‍යවහාර වූ සමුද්‍රීය නීති හා ඒ ආශ්‍රිත අධිකරණ තීරණ අඩංගු වූවකි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔලේරොං&oldid=11972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි