ඇල්බක’කි

සිංහල විශ්වකෝෂය වෙතින්
16:06, 21 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නිව් මෙක්සිකෝ ජ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නිව් මෙක්සිකෝ ජනපදයේ විශාලතම නගරයයි. මෙක්සිකෝවේ මධ්‍ය ප්‍රදේශයෙහි, රියෝ ග්රෑන්ඩ් නිම්නයෙහි, මුහුදු මට්ටමේ සිට අඩි 4,943ක් ඉහළින් පිහිටි මෙය සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් ද වැදගත් දුම්රිය සහ ගුවන් මධ්‍යස්ථානයක් වශයෙන් ද ප්‍රසිද්ධය. පශු පාලනය හා කෘෂිකර්මය ද දැව කර්මාන්තය සහ ආකර කර්මාන්තය ද කරන පළාතක පිහිටි මෙනුවර ලොම් පිළී විවීම, පලතුරු ඇහිරීම සහ ඛනිජතෙල් පිරිසුදු කිරීම ආදිය ද කරනු ලැබේ. මෙක්සිකන් ඉන්දියානු ස්වර්ණාභරණ සහ අරුමෝසම් බඩු ගැන ද මෙය ප්‍රසිද්ධය. නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ ද මෙහිය.

1706 දී ස්පාඤ්ඤවරුන් විසින් පිහිටුවනු ලැබූ ඇල්බක'කි නගරයෙහි ජනගහනය (1960) 202,000කි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්බක’කි&oldid=12018" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි