ඇල්බක’කි
සිංහල විශ්වකෝෂය වෙතින්
16:06, 21 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නිව් මෙක්සිකෝ ජ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නිව් මෙක්සිකෝ ජනපදයේ විශාලතම නගරයයි. මෙක්සිකෝවේ මධ්‍ය ප්‍රදේශයෙහි, රියෝ ග්‍රෑන්ඩ් නිම්නයෙහි, මුහුදු මට්ටමේ සිට අඩි 4,943ක් ඉහළින් පිහිටි මෙය සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් ද වැදගත් දුම්රිය සහ ගුවන් මධ්‍යස්ථානයක් වශයෙන් ද ප්‍රසිද්ධය. පශු පාලනය හා කෘෂිකර්මය ද දැව කර්මාන්තය සහ ආකර කර්මාන්තය ද කරන පළාතක පිහිටි මෙනුවර ලොම් පිළී විවීම, පලතුරු ඇහිරීම සහ ඛනිජතෙල් පිරිසුදු කිරීම ආදිය ද කරනු ලැබේ. මෙක්සිකන් ඉන්දියානු ස්වර්ණාභරණ සහ අරුමෝසම් බඩු ගැන ද මෙය ප්‍රසිද්ධය. නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ ද මෙහිය.
1706 දී ස්පාඤ්ඤවරුන් විසින් පිහිටුවනු ලැබූ ඇල්බක'කි නගරයෙහි ජනගහනය (1960) 202,000කි.
(සංස්කරණය: 1967)