ඇල්බනි (2)

සිංහල විශ්වකෝෂය වෙතින්
13:10, 22 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඕස්ට්‍රේලියාවේ නැව් තොටකි. බටහිර ඕස්ට්‍රේලිය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඕස්ට්‍රේලියාවේ නැව් තොටකි. බටහිර ඕස්ට්‍රේලියාවේ නිරිත දිග කෙළවරේ කිං ජෝජ් තුඩුවේ පිහිටා තිබේ. ෆ’ත් නගරයේ සිට දුම්රියෙන් සැ. 352කි. ජනගහනය (1961) 10,526කි. වැඩි වශයෙන් ම කළුගලින් යුත් මේ ප්‍රදේශයේ මුහුදු තීරය මෑත කාලවල දී ගිලාබැස තිබේ. එහෙයින් ම විශාල බොකු ඇති වී තිබේ.

දීර්ඝ කාලයක් ම මෙම වරාය ඕස්ට්‍රේලියාවත් එංගලන්තයත් අතර තැපැල් සේවය සඳහා භාවිත විය. ඒ සඳහා දැන් ෆ්‍රීමැන්ටල් යොදාගෙන ඇති නමුත් දකුණු අප්‍රිකාවෙන් තැපැල් ගෙන එන යාත්‍රා දැනුදු පැමිණෙන්නේ මේ වරායටය.

දිස්ත්‍රික්කයේ දේශගුණය බෙහෙවින් සෞම්‍යය; දර්ශනය චමත්කාරය. විනෝදකාමීන්ගේ හා සනීප ගැනීමට පැමිණෙන්නවුන්ගේ මධ්‍යස්ථානයක්ව ඇත්තේ එහෙයිනි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇල්බනි_(2)&oldid=12028" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි