ඇල්බැද්ද
සිංහල විශ්වකෝෂය වෙතින්
13:53, 22 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('[මෙලියොස්මා සිම්ප්ලිකිෆෝලියා - Meliosma simplicifolia (Roxb.) Walp]...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
[මෙලියොස්මා සිම්ප්ලිකිෆෝලියා - Meliosma simplicifolia (Roxb.) Walp] ඇල්බැද්ද වනාහි සිනිඳු සුදු පොත්තක් සහිත තරමක් ලොකු ගසකි. ළපටි ශාඛාවල විශාල පත්ර කැළල් තිබේ. කොළ සරලය; අඟල් 5-12 දක්වා දිගය. කොළ නටුවේ පාදය මහත් වී තිබේ. කක්ෂීය සහ අග්රස්ථ සංයුක්ත ඒකාක්ෂවල (panicles) හටගන්නා ඉතා කුඩා මල් කහ පාටට හුරු සුදු පාටය. ඵලය අඟල් 1/4ක් පමණ දිග ඇති දිලිසෙන අෂ්ටිලයකි (drupe). එය දම්පාටය. ඇල්බැද්ද ලීය රතු පාටය; තරමක් තදය; සැහැල්ලුය; පහසුවෙන් පැළෙනසුලුය.
ලංකාවේ පාතරට තෙත් ප්රදේශයෙහි ඉහළ කොටසේ මේ ශාකය බහුලය. ඉන්දියාව හා බුරුමය යන රටවලත් මෙය වැවේ.
ඇල්බැද්ද සබියාසේ කුලයට අයත් ශාකයකි.
(සංස්කරණය: 1967)